top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කේරළ ගංජා කිලෝ 200 කට අධික තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට....



ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ ( ඔක්තෝබර් 18) සිදු කළ විශේෂ මෙහෙයුමක දී කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානය හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදි මුහුදු මගින් ඕලුතුඩුවායි වෙරළට ගෙනවිත් බෙදා හැරීම‍ට සූදානම් කරමින් තිබූ පොලිතීන් කවර 10 ක් තුළ පාර්සල් 94 ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 200 ග්‍රෑම් 825 ක තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. තවද, කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ අතර, ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා නාවික හමුදාව සහ පොලීසිය විසින් මේ වන විට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කරනු ලබයි.

4 views0 comments
bottom of page