top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කෝප් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බැදී සිටිනවා- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුවට



කෝප් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බැදී සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ එම නිර්දේශ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා කිසිලෙසකින් කලබල නොවිය යුතු බවත් සඳහන් කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (11) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවා ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට අදාල විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබඳව විමර්ෂණය කිරීමට නියමිතය. මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර කමිටුව අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

1 view0 comments
bottom of page