top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කොදෙව්වන්ට එරෙහිව අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්....



බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ අද(04) පැවති පලමු විස්සයි-20 තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සමත් විය.

කොදෙව් ඉනිමේ තුන්වන පන්දුවාරය ක්‍රියාත්මක කළ අකිල ධනංජය, පිළිවෙලින් එම පන්දු වාරයේ දෙවෙනි පන්දුවේ සිට එවින් ලුවිස්, ක්‍රිස් ගේල් හා නිකොලස් පූරන් පිටි පිට තම කඩුලු ත්‍රිත්වය ලෙස දවා ගත්තේය. මෙය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් විස්සයි-20 තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් සිව්වන අවස්ථාවයි.

කෙසේ තරඟය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත්විය. පලමුවෙන් පන්දුවටපහර දුන් ශ්‍රී ලංකා පිළ සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 131ක් පමණි. එහිදී සිය මංගල විස්සයි-20 තරඟයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 34කින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් විය. මීට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් ලබා ගත් අතර වෙනත් කිසිඳු පිතිකරුවෙකු ලකුණු සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අසමත් විය. පන්දු යැවීමේදී කොදෙව් පිලේ ඔබෙඩ් මැකෙයි ලකුණු 25 කට කඩුලු 2ක් බිඳ හෙලීය.

ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙවි පිළ පන්දුවාර 13.1 කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් තරඟය පහසුවෙන් ජය ගැනීමට සමත් විය. එහිදී කොදව් පිළ වෙනුවෙන් නායක කිරන් පොලාඩ් පන්දු 11කින් වේගවත් ලකුණු 38ක්ද ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 29ක් ද ලබා ගැනීමට සමත් විය.


මෙම තරඟයෙදී අකිල ධනංජය විසින් යැවූ තරඟයේ 6 වන පන්දුවාරයෙදී, පන්දු 6ටම හයේ පහරවල් හයක් එල්ල කරමින් පන්දුවාරයකදී හයේ පහරවල් හයක් එල්ල කළ වෙන ක්‍රීඩකයා බවට පත්වීමට කිරන් පොලාඩ් සමත්විය. තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේද කොදෙව් පිලේ නායක කිරන් පොලාඩ්. ඒ අනුව තරඟ 3කින් යුත් විස්සයි-20 තරඟාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත්ව සිටී.

4 views0 comments
bottom of page