කුඩා ව්‍යාපාර නඟා සිටුවිම සඳහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කරයි...




කුඩා ව්‍යාපාර නඟා සිටුවිම සඳහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත් එම මුදල ලබාදිම ලබන මස සිට ක්‍රියාත්මක බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.


අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා ගලෙන්බිදුණූවැව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසීය. 

“ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා නම් පිටරටින් ගේන එක නවත්වන්න ඕනි. අපේ රටේ මිනිසුන්ගේ ජිවිත වලට නැගිටින්න ඉඩ දෙන්න ඕන. 

බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්කරලා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් පටන් ගත්තා. 


ඔබ පටන් ගත් සුළු ව්‍යාපාර කොරොනා වෛරසය හේතුවෙන් උද්ගත වූ තත්ත්වය මත දැන් නැවතිලා තිබෙනවා. අපි 5000 දිමනාව ලබාදුන්නත්, එම කුඩා  ව්‍යාපාර නැවත ආරම්භ කරන්න ඒ මිනිසුන්ට ප්‍රාග්ධන මුදලක් අවශ්‍යයයි. 

ඒ අනුව රජය, බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කාර්ය සාධක බලකාය සාකච්ඡා කොට තීන්දු කළා මේ රටේ කුඩා ව්‍යවසායකයින්ට  4% පොලියට සුළු ණය මුදලක් ලබාදෙන්න. 

මෙ ඔබගේ ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න ලබාදෙන මුලික ප්‍රාග්ධන මුදලක්. එම ණය මුදල ලබාදීම ලබන මස සිට ක්‍රියාත්මක වෙනවා.”

12 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017