කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන සඳහා අනුබල දුන් අයට වැඩ වරදී.



මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන සඳහා අනුබල දුන් මෙන්ම ඒවා අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයින්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද(02) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නිතිය  කඩකරන්නගේ වර්ධනයක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ තවදුරටත් එම ප්‍රදේශවල විශේෂ පොලිස් මෙහෙයුම් සිදුකිරිමට උපදෙස් ලබා දි ඇති බවයි. 

තමන්ගේ මිතුරන් හෝ නොහඳුනන කිසිදු පුද්ගලයෙකුට සිය නිවසේ නවාතැන් ලබා දිමට හෝ රඳවා තබා ගැනීමට  කටයුතු නොකරන ලෙසද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මේ අතර බස්නාහිර පළාතේ ආර්ථීක මධ්‍යස්ථානවල රාජකාරියේ නියුතු සියලු ආරක්ෂක අංශ නිලධාරින්ට සෞඛ්‍යාරක්ෂිත උපකරණ හා පළඳනා ලබා දීමට පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ප්‍රකාශ කළේය.

7 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram