කුඩා දරුවන් අතර පැතිර යන බව කියන කාවසාකි රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතුයි.



කුඩා දරුවන් අතර පැතිර යන බව කියන කාවසාකි රෝගය  සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.


වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ රෝගි තත්ත්වය මීට වසර 20කට පමණ පෙර සිට මෙරට පැවති රෝගි තත්ත්වයක් වන අතර වාර්තා වන රොගින් සංඛ්‍යාවද ඉතා අවම මට්ටමක පවතින බවයි.


නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ කුඩා දරුවන් අතර පැතිර යා හැකි කවසාකි නැමති රෝගි තත්ත්වයක් පිළිබඳ ලෝකයේ බොහො රටවල්වල මේ වන විට අවධානය යොමුව තිබේ.


කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසන්නේ එම රෝගි තත්ත්වය පිළිබඳ කිසිදු අනිසි බියක් ඇති කර ගත ‍යුතු නොමැති බවයි.


මේ අතර මේ වන විට මී උණ රෝගය දිවයනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන බව මහානුවර මහා රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ කුලරත්න මහතා පවසයි.


ඔහු පෙන්වා දෙන්නේ මි උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රජයේ රෝහලකට ඇතුළත් වි ප්‍රතිකාර ලබා ගැනිමට පෙළඹිය යුතු බවයි.

11 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram