helloplanetaviss
“කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානායක හිමියන් සම්බුද්ධ ශාසනයට කළ මෙහෙවර අනුපමේයයි”

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහොපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් සිදු කළ මෙහෙවර ශ්‍රී ලාංකේය වංශ කථාවේ රන් අකුරින් ලියැවෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
රටවල් රැසක ධර්මදූත මෙහෙවරේ නිරත වූ උන්වහන්සේ නිර්මල බුදු දහම ලෝවැසියන් වෙත රැගෙන යාම වෙනුවෙන් අමිල මෙහෙවරක් සිදුකල බව ද කථානායකවරයා පෙන්වා දෙයි. 1933 ජනවාරි 23 දින මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේ පැවිදි දිවියට ඇතුළත් වූහ. 1967 වසරේදී ගල්කිස්ස ශ්‍රී ධර්මපලාරාම විහාරස්ථානයේ විහාරාධිපතිධූරයට පත් වූ නාහිමිපාණෝ වසර 50 කට අධික කාලයක් ශාසනික මෙහෙවරේ නිරත වූහ.
ශ්‍රී සද්ධර්මය ජනගත කිරීම වෙනුවෙන් සිදුකළ මෙහෙය ඇගයීම වස් 2017 වසරේදී උන්වහන්සේ වෙත මියන්මාරය විසින් අග්ග මහා පණ්ඩිත උපාධිය ද පිරි නමන ලදහ. අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහොපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ චරිතයෙන් සියලු රටවැසියන්ට ආදර්ශ රැසක් ගත හැකි බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.