top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්....



ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය ආර්. එම්. සමන් කුසුම්සිරි රත්නායක මහතා රාජ්‍ය අමාත්‍යංශයේදී අද (22) උදෑසන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉදිරියේදී අමාත්‍යංශයේදී වැඩ භාර ගන්නා ලදී.


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හසල දැනුමක් ඇති ඒ මහතා හලාවත රෝහලේ වෛද්‍ය අධිකාරී, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පුත්තලම, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ජාතික රෝහල මහනුවර හා සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ ගණනාවක සේවය කර ඇත.

1 view0 comments
bottom of page