ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ 110 දෙනෙකු අද පිටව ගියේය.



ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ 110 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව ගියේය.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය අධීක්ෂණ කෙරෙන්නේ යුද හමුදා පොලිස් සේවා බළකාය විසින්.

එහිදී නිරෝධායනය අවසන් කළ පිරිස් විසින් රුපියල් අට ලක්ෂ විසිපන්දහසක මුදලක් කොවිඩ් අරමුදල සඳහා බැර කිරීම විශේෂත්වයක්.

ගුවන් හමුදා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක් විසින් අධීක්ෂණය කරන වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවුණි.

මේ අතර ඉතාලියේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් 130 දෙනෙකු ඊයේ රාත්‍රි 8.15ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා හරහා ඉතාලිය බලා පිටත්ව ගියේය.

මේ අතර බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු UL 1423 දරණ ශ්‍රී ලංකන් ගුවන්යානයෙන් අද අලුයම 01.49ට පමණ කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.

ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017