helloplanetaviss
ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදන කටයුතු ලංකා පිගන් සංස්ථාව විසින්ම සිදුකිරීමට අනුමැතිය

ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදන කටයුතු ලංකා පිගන් සංස්ථාව විසින්ම සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.
පෞද්ගලික ආයෝජකයෙකුගේ සහභාගීත්වයෙන් තොරව ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදන කටයුතු ලංකා පිගන් සංස්ථාව විසින්ම සිදුකිරීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ වයවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය. සීමාසහිත සැම්සන් රජරට ටයිලිස් (පෞද්ගලික) සමාගම සමග එක්ව ලංකා පිගන් සංස්ථාව යටතේ පවතින ඔඩ්ඩුසුඩාන් ගඩොල් හා උළු කම්හලෙහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකිරීම පිණිස 2020 පෙබරවාරි මස 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත. එහෙත් මේ වන විට ලංකා පිගන් සංස්ථාව විසින් එම කම්හල නැවත විවෘත කිරීමේ අරමුණෙන් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඉදිරියේදී පෞද්ගලික සමාගමක සහභාගීත්වය නොමැතිව නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.