helloplanetaviss
ඓතිහාසික අනුරාධපුර මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස සත් දිනක් පුරාවට පැවැත්වෙන පිරිත් සජ්ඣායනය

කොරෝනා වසංගතය මිහිතලයෙන් දුරුවේවා'යි ප්‍රාර්ථනය කරමින් ,ඓතිහාසික අනුරාධපුර මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ලබන 7 වැනිදා සිට 13 වැනිදා දක්වා සත් දිනක් පුරාවට පැවැත්වෙන පිරිත් සජ්ඣායනය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ යටතේ පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කෙරේ.
ගෝලීය වසංගතයෙන් පීඩා විඳින සියලු ලෝවැසියන්ට ආධ්‍යාත්මික ආශිර්වාදය එක්කිරීමේ මෙම පුණ්‍ය කර්මය පැවැත්වීම පිළිබඳව පැවති සාකච්ඡාවට ගරුතර මහා සංඝරත්නයට , ගරු මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරින්ට සහභාගි වූහ.







