helloplanetaviss
එළවලු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක්-අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක්

එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බවත් එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව වෙමින් වලපනේ නගරයේ සතිපොළ භූමියේ පැවැති ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා බව පැවසීය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු රැසක් පවතින බවත් ඒවාට පත්ව එන පිරිස් කෙටි කලකින් මාරුවීම් ගෙන වෙනත් පළාත්වලට යන බවත් මේ නිසා ප්‍රදේශයේ ජනතාවට සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමේ දී මහත් ගැටළුවක්ව ඇතැයි ද ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කරමින් පැවසීය. පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර, එය පාසල සමඟ යා කරමින් පාලමක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. ඒ ගැන සොයා බැලීමටත්, කඩිනමින් ඉල්ලීම ඉටුකරදීමටත් පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ ය. ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ගැටළු කඩිනමින් විසඳීමට ද නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.