top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

එළඹෙන උත්සව සමයේ ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නෑ.....



එළඹෙන උත්සව සමයේ ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බවත් අවස්ථානුකූලව පවතින තත්වය සළකා බලා අදාළ තීන්දු තීරණ ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා අද(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය. එවැනි අවස්ථාවක් ඇති වුවහොත් ජනතාවට පීඩනයක් ඇති නොවන අයුරින් රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එළඹෙන උත්සව සමයේදී කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ක්ෂණික 'රැපිඩ් ඇන්ටිජන්' පරීක්ෂාවන් යම් යම් ස්ථානයන්හිදී සිදු කිරීමට සහ කන්ද උඩරට සහ නුවර එළිය ඇතුළු විවිධ සංචාරකයන් පැමිණෙන ප්‍රදේශවල කොවිඩ් රෝග පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර හෝටල ඇතුළු සංචාරක ස්ථානයන්ට ඇතුළ් කිරීමට කටයුතු කරන බවද කීය. මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් මේ මොහොතේ පැවසිය නොහැකි බවත් පාලනය කර ගත හැකි අපහසු තත්වයක් පැවතියහොත් එවැනි තීරණයකට එළැඹිය හැකි බවද කීය.

2 views0 comments
bottom of page