top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් විනිවිදභාවයෙන් සෑමකෙනෙකුටම සාධාරණ ලෙස ඉතාමත් කෙටි කාලයක් තුළ අවසන් කරනවා



අප රටෙහි එන්නත් කළ යුතු යැයි හදුනාගෙන ඇති මිලියන 14ක්වූ සියලු ජනතාවට ඉතාම කඩිනමින් එන්නත ලබාදී එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කර අවසන් කරන ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස වාර්තා පොතට ඇතුලත් වීම පවා රජයේ අභිලාෂයක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මේ නිසා කිසිවෙකු සැකයක් ඇතිකරගත යුතු නොවන බවත්, එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් විනිවිදභාවයෙන් සෑමකෙනෙකුටම සාධාරණ ලෙස ඉතාමත් කෙටි කාලයක් තුළදී අවසන් කිරීමට රජය දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමේ කාලවකවානුව සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයට පිළිතුරු වහයෙන් අමාත්‍යවරයා කියා සිටියේ ලංකාවේ සහ ලොව පුරාම පැහැදිලි ලෙස වෛද්‍ය විශේෂඥ මතය වනුයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වීමේදී මාස 03ක කාලයකින් දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම හරහා ප්‍රතිශක්තිකරණයේ වැඩි වර්ධනයක් ඇතිවන බවයි. එම මතය ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් මාධ්‍ය හමු වල ප්‍රකාශ කළ බවද, මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ඉතාම සුදුසු මොහොතේ දෙවන එන්නත ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවේය. දෙවන එන්නත ලබාදීම සදහා ඉතිරි එන්නත් ප්‍රමාණය ඉතාම ඉක්මණින් ලංකාවට ලැබීමට නියමිත වන අතරම එය මාසයක් තුළදීද මාස දෙකක් තුළදීද යන්න වෛද්‍ය විද්‍යාව අනූව තහවුරු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය. ආණ්ඩුව ඉතාම ඉක්මණින් එන්නත ලංකාවට ගෙන්වාගෙන දෙවන මාත්‍රාව ලබාදීමට සූදානමින් සිටින අතර කාලය පිළිබදව ගැටලුවක් නොවන අතරම එන්නත හිතවත්කම් මත ලබාදී නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය. මීට සති කිහිපයකට පෙර එන්නත අප රටේ ලබා නොදෙන බව විරුද්ධ පක්ෂයේ ප්‍රධාන චෝදනාව වුණු බවත්, එන්නත රටට ගෙනආ පසු එන්නත කාර්යක්ෂම නැතැයිද, එයින් ප්‍රතිශක්තීකරණය වැඩි නොවන බවට මෙන්ම මේ හරහා විවිධ ආසාත්මිකතා ඇති වන බවට විවිධ චෝදනා සහ ප්‍රචාර විපක්ෂය ගෙනගිය බවද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. මේ සියල්ලටම පිළිතුරු ලබාදෙමින් රජය එන්නත ලබාගෙන එය තදාසන්න ප්‍රදේශ වලටත්, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් එන්නත්කිරීමේ වැඩසටහන මේ වන විට ඉතාම හොදින් ක්‍රියාත්මක බවත් ඔහු පැවසුවේය. සමාජයේ පැතිරුණු කොටසකට එන්නත ලබාදෙන අතර ඊයේ දිනයේදී ද කොටුව ඇතුළු ආසන්න ප්‍රදේශ වල එන්නත ලබාගැනීමට අධික තදබදයක් පැවති බවද මේ වන විට එන්නත විශාල වශයෙන් සාමාන්‍ය ජනතාවට ලබාදී ඇති බවද වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කළේය.

2 views0 comments
bottom of page