top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්‍ය්ක්ෂමව සිදුකිරීම සදහා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් එන්නත්කරණය......



කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්‍ය්ක්ෂමව සිදුකිරීම සදහා බස්නාහිර පලාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් (ජූලි 17) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී .

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් ප්‍රකාරව, කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් විසින් එන්නතකරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

පසුගිය ජූලි 17 දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පිහිටි එන්නතකරණ මධ්‍යස්ථානයේදී තම අධ්‍යයන කටයුතු සදහා විදෙස් ගතවීමට බලාපොරොත්තු වන, කෝවිඩ් - 19 වැලැක්වීමේ යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වනලද ශිෂ්‍ය / ශිෂ්‍යාවන් වෙනුවෙන්ද එන්නතකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.




0 views0 comments
bottom of page