top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් අධිකරණ අමාත්‍යාංශයට ලැප්ටොප් පරිගණක....



දුරස්ථව සිට අධිකරණ කටයුතු පවත්වාගෙන යාම හා නඩු ඇසීම සිදු කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් අධිකරණ අමාත්‍යාංශයට ලැප්ටොප් පරිගණක පිරිනමයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් කරන ලද ඉල්ලීමකට අනුව දුරස්ථව සිට අධිකරණ කටයුතු පවත්වාගෙන යාම හා නඩු ඇසීම සිදු කිරීම සදහා ලැප්ටොප් පරිගණක 55ක් අධිකරණ අමාත්‍යාංශය වෙත පිරිනැමීම සිදු විය. එම අරමුදලෙහි මෙරට නේවාසික නියෝජිත Robert Juhkm මහතා විසින් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත 22 දින පස්වරුවේ මෙම ලැප්ටොප් පරිගණක පිරිනැමීම අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවුනි. දුරස්තව සිට සිදුකරන මෙම නඩු ඇසීමේ ක්‍රියාවලිය අධිකරණ පද්ධතිය ඩිජිටල්කරනය කිරීමේ අධිකරණ අමාත්‍යාංශයේ දිර්ඝ කාලීන වැඩසටහනේ තවත් පියවරක් ලෙස ආරම්භ කර ඇත. මෙම භාරදීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා, අමාත්‍යාංහයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Robert Juhkm යන මහත්වරුන් ඇතුලු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතයින් ද එක්විය.

0 views0 comments
bottom of page