එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොවිඩ් 19 සඳහා සාර්ථක ප‍්‍රතිකාරයක් සොයා ගනී?



කොවිඩ්  19 සඳහා, මෙතෙක් සොයා ගන්නා ලද සාර්ථකම ප‍්‍රතිකාරය තමන් විසින් සොයාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

අබුඩාබියේ ස්ටෙම්ස් සෙල්ස් සෙන්ටර්ස් නම් ආයතනය විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ, ඔවුන්ගේ සොයා ගැනීම සඳහා පේටන්ට් බලපත‍්‍රය මේ වන විටත් අදාල සමාගමට ලබා දී ඇති බවයි.

වෛසරය ආසාදනය වූ පුද්ගලයන් 73 දෙනෙකු සම්බන්ධකරගෙන, ඔවුන්, මෙම ප‍්‍රතිකාරය අත්හදා බලා ඇති අතර රෝගීන් සියළු දෙනාම සම්පූර්ණ වශයෙන්ම සුව වී ඇති බව ද තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරිය ඇයගේ ට්වීටර් ගිණුමේ තබා ඇති සහටනක් තබා තිබේ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017