top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

එක් වරක් පමණක් භාවිත කළ හැකි ‍ප්ලාස්ටික් බෝතල් (PET) වලින් මුදල් ඉපැයීමට ජනතාවට අවස්ථාවක්...



එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් සදහා මධ්‍යම පළාත් සභාවේ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. සොලිඩේට් පුද්ගලික ආයතනයේ සම්බන්ධීකරණය යටතේ විදේශීය ආයතනයන්ගේද සහයෝගය මත ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන, පාසැල් සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගනිමින් ඉවතලන PET බෝතල් බේල් මැෂින් මගින් සකස් කර නැවත ව්‍යාපෘති සදහා භාවිතයට ගත හැකි මට්ටමට සකස් කිරීමට නියමිතය. ඒ අනුව මෙලෙස බ්‍රෙල් කරන ලද ප්ලාස්ටික් බෝතල් කිලෝ එකක් රු. 40 ක මිලකට සමාන කර වරිපනම් බදු ගෙවීම සදහා භාවිතා කළ හැකි බවත් පාසල් දරුවන්ට සහ ජනතාවට කිලෝවකට රුපියල් 40 බැගින් මුදල් ලබාගැනීමට හැකියාවක් පවතින බවත් මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් , පළාත් පාලන කොමසාරිවරයා සදහන් කර සිටියේය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ දිනකට එක් පුද්ගලයෙක් රුපියල් 40,000 ක පමණ ප්‍රමාණයක ඔක්සිජන් වායුව භාවිතයට ගනු ලබන බවත් වගකීම් විරහිතව කටයුතු කිරීම මගින් ඔක්සිජන් වායුව මිලදී ගැනීමට සිදුවන කාලයක් උදාවිය හැකිබවයි. ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත "සුරකිමු ගංගා" ව්‍යාපෘතිය යටතේ ගංගා පිරිසිදු කර ගංගා සුරක්ෂිත කිරීමට මේ වන විටත් කටයුතු කරනු ලබන එහි සමාරම්භක අවස්ථාව එළඹෙන මාර්තු මස 22 වැනිදාට යෙදී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සියට අදහස් දැක්වීම අතරතුර ප්‍රකාශ කර සිටියේය.

2 views0 comments
bottom of page