helloplanetaviss
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන නිෂ්චිත දින වකවානු පිළිබඳව ඉදිරියේ දී තීරණයක්....

අ.පො.ස උසස් පෙළ උපකාරක පංති පැවැත්වීමේදී දැනට ලබා දී ඇති සියයේ සීමාව තුළ මහා පරිමාණ පංති පැවැත්වීමට අසීරු බවත් ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර හැකි ඉක්මනින් ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. ඒ අනුව මේ පිළිබඳව සළකා බලා අදාළ විෂය නිර්දේශ ආවරණය කර ගනිමින්, වැඩි දරුවන් ප්‍රමාණයකට ඉඩ ප්‍රස්ථාව සළසා දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බවද බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. තවද අ.පෙ.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නිෂ්චිත දින වකවානු පිළිබඳවද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් අධ්‍යාපන බලධාරින්, ගුරු සංගම්, ඇතුළු පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සියළු නිලධාරින් සමග අධ්‍යාපන අමාත්‍යවරයා අවශ්‍ය සාකච්ඡා සිදු කරන බවද කීය.