top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා මගහැර ගැනීමට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය



අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා නිසා සිදුවිය හැකි බාධාකාරී තත්වයන් මගහැර සියලු සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට ඇවස්ථාව සළසාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය ඇතුලු පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ඔත්තෝබර් 11 දින සිට නොවැම්බර් 06 දින දක්වා මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එම කාලසීමාව තුළ කිසියම් අනතුරක් හෝ ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් වේ නම් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතිය හැකිය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂිණික ඇමතුම් අංක 117 සහ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක අදාල කාල සීමාව තුළ පැය 24 පුරා වෘතව පවතී. විභාග සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු මෙම දුරකථන අංක වෙත යොමු කළ හැකි ය. මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් ආපදා අවදානම් කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කරන විවිධ පාර්ෂවකාර ආයතන වෙත විභාග පැවැත්වෙන කාල සීමාව තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ දැනටමත් කිතුක් කිරීමට කටයුතු කර ඇත. විවිධ පාර්ෂවකාර ආයතන සදහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ සහ විභාග සම්බන්ධයෙන් ඇති වන බාධා පිළිබදව විමසීමට ඔබට අවශ්‍ය දුරකථන අංක සහ තොරතුරු මේ සමග යොමු කර ඇති වාර්තාවේ ඇතුලත් වේ.

0 views0 comments
bottom of page