We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගී වන සිසුන්ගේ ගමන් පහසුව සඳහා සෞඛ්‍යාරක්ෂිත දුම්රිය මැදිරි...



උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගී වන සිසුන්ගේ ගමන් පහසුව සඳහා සෞඛ්‍යාරක්ෂිත දුම්රිය මැදිරි වෙන් කර දුම්රිය ධාවනය කිරීමට පියවර-ශ්‍රී ලංකා දුම්රිය සේවය

විභාග සඳහා සහභාගී වන සිසුන්ට විශේෂිත දුම්රිය මැදිරි එක් කිරීමේ වැඩපිළිවෙලක්- දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රිය මඟින් විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා පමණක් සෞඛ්‍යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට ශ්‍රී ලංකා දුම් රිය සේවය කටයුතු කර තිබේ.  එළැඹෙන 05 වසර සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු විශේෂිත ආකාරයකට සිදු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේය. ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය පවතින ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය ස්ථානයන්හි ද නැවත්වීම සිදු කෙරෙන බවත්, ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල නවත්වන දුම්රිය වෙතට මඟින් නංවාගැනීම සිදු නොකරීමට සහ විශේෂිත මැදිරි සහිත දුම්රියේ ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිළධාරියෙකු සහ පොලිස් ආරක්ෂාව ද යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

1 view0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram