top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

උසස් පෙළ විභාගයටත් මේ ආරක්ෂිත ක්‍රමවේද ම ක්‍රියාත්මක කරනවා- බය නැතිව දරුවන් එවන්න....



5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට හැකි වූ බවත් මේ පරිදි ම අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ද හෙට දින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත එවන ලෙස ත් ඒ සඳහා රජය මඟින් සියලු සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් සපයා තිබෙන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ විභාගය පැවැත් වූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට පැමිණීමෙන් අනතුරුව ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා , අපි ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා,දෙමාපියන්ට රජය පිළිබඳ විශ්වාසය තබා දරුවන් විභාගයට එවීමට කටයුතු කිරීම සම්බන්ධව, ලංකාව පුරා ම 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුවකින් තොරව සාර්ථක ව නිමා වුණා. දෙමාපියන් අපට කතා කොට රජයට තමන්ගේ ස්තූතිය පුද කළා. ඒ සම්බන්ධයෙන් අප සතුටු වෙනවා. දෙමාපියන් රජයෙන් ඉල්ලා සිටියා දෙවරක් ම කල් තැබුණු විභාගය නැවත කල් නොදමන ලෙසට. රජය ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය , ආරක්ෂක , ප්‍රවාහන, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන සියල්ලේ ම සහයෝගය ඇතිව එකා මෙන් කටයුතු කර ඒ අභියෝගය ජය ලැබීමට හැකිවිය. උසස් පෙළ විභාගයත් හෙට සිට එනම් 2020/10/12 දින සිට නොවැම්බර් මස 06වන දින දක්වා පැවැත්වීමට කටයුතු සියල්ල සංවිධානය කරලයි තියෙන්නේ. ඒ නිසා කිසිදු සැකයක් ඇති කර නො ගෙන දරුවන් විභාගෙට එවන්න. ඒමෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ඇමතිනියට, සියලු ම සෞඛ්‍ය අංශවලට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලු ම කාර්යය මණ්ඩලයට, සියලු ම පළාත් පාලන ආයතනවලට , විභාග කොමසාරිස්තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට, සියලු ම ආරක්ෂක අංශවලට මේ දැක්වූ දායකත්වයට සහ කැපවීමට. යනුවෙන් ද පැවසී ය. මෙම අවස්ථාව සදහා විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත, අධ්‍යාපන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

1 view0 comments
bottom of page