We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

උසස් අධ්‍යාපනයට මෙරට දරුවන්ට අවස්ථාව ලබා දෙනවා-....



අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව දරුවන් අධ්‍යාපනයෙන් බැහැරව නිවසේ සිටින මාස 08ක කාලයත් උසස් පෙළින් අනතුරු ව නිවසෙන් බැහැරව සිටින කාලයත් අඩු කිරීම තුළින් සම්පූර්ණ මාස 08ක පමණ කාලයක් එම දරුවන්ගේ වටිනා ජීවිතයෙන් ඉතිරි කර දීමට හැකි පරිදි 2022/2023 වන විට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකිවන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ‍ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. නව රජය මඟින් සිදුකිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් පිළිබඳ සාකච්ඡාවට බඳුන්කොට තිබෙන අතර විභාගවලින් අනතුරුව පාසල් අධ්‍යාපනයෙන් බැහැරව නිවසට වී සිටින කාලය නිසා ඇතැමෙක් අධ්‍යාපන කටයුතු අතරමඟ දී නතරකිරීමට පෙළඹෙන බවත් එම තත්ත්වය වළක්වා ගැනීමට ත් ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉක්මනින් උසස් අධ්‍යාපන අවස්ථාවන්ට පිවිසීමට අවස්ථාව උදාකර දීමට ත් එමඟින් අපේක්ෂා කරන බව ද පැවසී ය. ලොව වෙනත් රටවල දරුවන් අවුරුදු 20,21වන විට සිය ප්‍රථම උපාධිය ලබ