top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

‘උප්පැන්න සහතිකය‘ යන්න වෙනුවට ‘ජාතික උප්පැන්න සහතිකය‘ නමින් හඳුන්වා දීමට ක්‍රියාමාර්ග




‘උප්පැන්න සහතිකය‘ යන්න වෙනුවට ‘ජාතික උප්පැන්න සහතිකය‘ නමින් හඳුන්වා දීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම උප්පැන්න සහතිකයෙන් සමහර ළමුන්ට අගතිගාමී ලෙස බලපාන “දෙමාපියන් විවාහක ද“ යන කොටස ඉවත් කොට භාෂා ද්විත්වයෙන් සකස් කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

නව ජාතික උප්පැන්න සහතිකයේ අඩංගු කරුණු වනුයේ, 1. ‘උප්පැන්න සහතිකය‘ යන්න වෙනුවට ‘ජාතික උප්පැන්න සහතිකය‘ නමින් හඳුන්වා දී ඇත. 2. භාෂා ද්විත්වයෙන් ම සැකසේ. 3.උපතේ දී ලබා දෙන අනන්‍යතා අංකය ඇතුළත් කොට ඇත. 4.වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සැකසේ. 5.ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකර් එකක් අලවා ඇත. 6.රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් කරනු ලබයි. පැරණි උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිළිබඳ විස්තර ජාතික උප්පැන්න සහතිකය ට ඇතුළත් කර නොමැති අතර, ජාතිය යන්නට අමතර ව දෙමාපියන්ගේ ජාතිකත්වය ද ඇතුළත් කර තිබේ.

මෙය තවමත් ජනගත කර නොමැත. ජාතික උප්පැන්න සහතිකයේ ආකෘති පත්‍රයක් පහතින් දැක් වේ.



4 views0 comments
bottom of page