top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

උදෑසන වනවිට ත්‍රිකුණාමලයේ ඡන්ද ප්‍රකාශවීම සියයට 30%ක්.....



උදෑසන 10 වන විට 30%ක වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇත්තේ ත්‍රිකුණාමලයෙන් බව වාර්තා සඳහන් කරයි.

අද උදෑසන 10 වන විට දිස්ත්‍රික් කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් වාර්තා වූ අතර වැඩිම ප්‍රතිශතයක් වශයෙන් 30%ක ප්‍රමාණයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඡන්දය භාවිතා කර තිබේ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසූවේ 20%ක ප්‍රතිශතයක් ගාල්ලේ ඡන්දය භාවිතා කළ බවට උදෑසන 10 වන විට වාර්තා වුණු බවයි. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ගේ දත්ත අනූව කොළඹ 20%, මාතලේ 25%, දිගාමඩුල්ල 6%, රත්නපුර 23%, කෑගල්ල 23%, කුරුණෑගල 25%, මහනුවර 25%, කලුතර 20%, නුවරඑළිය 25%, යාපනය 20%,මඩකලපුව 17% වශයෙන් උදෑසන 10 වන විට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන් වාර්තා විය. සෑම දිස්ත්‍රික්කයකම ජනතාව මෙවර උනන්දුවෙන් ඡන්දය භාවිතා කර ඇති බවක් දක්නට ලැබේ.

1 view0 comments
bottom of page