helloplanetaviss
උතුරු මැද පළාත් ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය 2020 අනුරාධපුරයේ දී....

'උතුරු මැද පළාත් ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය 2020' ඊයේ (13) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ රිසෝට්හිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකෙහි විශිෂ්ටතම ව්‍යවසායකයෝ පිරිසක් කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන අංශ යටතේ ලෝකඩ, රිදී, රන් හා ප්ලැටිනම් යන සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ. මෙහිදී පිළිගැනීමේ සහ අරමුණු පැහැදිලි කිරීමේ කතාව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ සභාපති මහින්ද ජයසේන මහතා විසින් සිදුකරන ලද අතර සම්මාන ප්‍රදානයට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න යන මහත්වරු ද එක්ව සිටියහ. මෙම අවස්ථාවට උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ වසන්ත සේනානායක යන මහත්වරු ද එක්ව සිටියහ.