top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

උඩුගම්පොල නව කෝප් සුපර් අලෙවිසැල විවෘත කරයි....



උඩුගම්පොල නව කෝප් සුපර් අලෙවිසැල විවෘත කරයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණ මෙම කෝප් සිටි අලෙවිසැල මිනුවන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ 08 වන කෝප් සුපර් අලෙවිසැලයි. මෙම නව කෝප් සුපර් අලෙවිසැල ඉදිකර ඇත්තේ 1974 දී උඩුගම්පොල විවිධ සේවා සමූපකාර සමිතියේ එවකට සභාපතිවරයා ලෙස රෙජී රණතුංග මහතා විසින් මිලදී ගත් ඉඩමක වීම විශේෂත්වයකි. මෙම නව වෙළදසැල ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් ලක්ෂ 250 කි. මෙම උත්සවයේදී මිනුවන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපති වීරසේන රණතුංග මහතාට උපහාර පිරිනැමීමද සිදුවිය. 1996 සිට 2009 වන තුරු මිනුවන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතීත්වය දැරූ වීරසේන රණතුංග මහතාගේ කාලයේදී මෙම සමූපකාර සමිතිය ලාභ ලබන ආයතනයක් බවට පත්විය. මීට අමතරව ප්‍රදේශයේ පාසල් ළමුන් 1500 කට පාසල් පොත් ප්‍රදානය කිරීමටද මෙහිදී සිදුකෙරිණ.

1 view0 comments
bottom of page