ඊයේ (05) දිනය තුළ කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 20 දෙනෙකු හදුනාගෙන ඇත.



ඊයේ (05) දිනය තුළ කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 20 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 15දෙනෙකු නාවික හමුදා සෙබලුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ හදුනාගත් ආසාදියින් සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව  771 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනයේ දි  පුර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබු මුළු සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස්  ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශ සදහන් කළේය.

මේ වන විට ආසාදිතයින් 549 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

මේ අතර කොව්ඩ් නයන්ටීන් වෛරසය ආසාදනය හේතුවෙන් සිදුවු 09වන මරණය ද ඊයේ දිනයේ වාර්තා විය.

3 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017