ඊයේ(04) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් තිස් තුන් දෙනෙකු හඳුනා ගැණුනි.



ඊයේ(04) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් තිස් තුන් දෙනෙකු හඳුනා ගැණුනි.

එම ආසාදිතයින් ගෙන් 31 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන වන බවත් සෙසු පුද්ගල‍යින් දෙදෙනා ඔවුන්ගේ සමීපතමයින් වන බවත් යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වෛරස ආසාදිතයින් 751 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

194 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛද්යත අධීක්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 549 දෙනෙකු වෙයි.

මේ අතර, කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 08 වන මරණය ඊයේ දිනයේ වාර්තා විය.

72 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම කාන්තාව කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය වකුගඩු රෝගයකින් පෙලී ඇති බව සඳහන්.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය පසුගියදා පොල්පිතිගම රෝහලට ඇතුළත් කර ඇති අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩි.එච්.රෝහල වෙත මාරු කර යවා තිබේ.

එම රෝහලේ දින 03ක කාලයක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව හෝමාගම මුලික රෝහල වෙත එම කාන්තාව මාරුකර යැවු බව අයි.ඩි.එච්.රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී කාන්තාවක් මියගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි ආදාහනාගාරයේ දී සිදුකෙරුණි.

ශ්‍රී ලංකාවේ සිදුවු පළමු කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණය මාර්තු 29 වැනිදා වාර්තා විය.

පළමු මරණය වාර්තා වී දින 11ක කාලයක් තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ 07 වාර්තා වු අතර ඊයේ සිදුවු අට වන මරණය ඉන් දින 25කට පසුව සිදුවීම විශේෂත්වයක්.

19 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017