ඊයේ(03) දිනයේදී ද පුද්ගලයින් 1468 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ.



ඊයේ(03) දිනයේදී ද පුද්ගලයින් 1468 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.


කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා සාමාජිකයින් 11 දෙනෙකු ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර වන බව යුධ හමුදාපතිවරයා පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින නාවික හමුදා සාමාජිකයින් 11 දෙනෙකු හට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ.

අද උදෑසන ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වූ දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වූ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා.

මේ අතර සංචරණ සීමා ඉවත් කරන ලද ප්‍රදේශවල ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරන ලෙස ද යුධ හමුදාපතිවරයා ඉල්ලීමක්  ද සිදු කරයි.

ඇදිරි නීතිය පැවැත්වෙන කාලසීමාව තුළ දී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් ද යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස කරුණු පැහැදිලි කළේය.

මේ අතර මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 718 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව රෝගීන් 527 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම අංශය සදහන් කළේ.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 184 ක් වෙයි.

7 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram