helloplanetaviss
ඊයේ දින ජනාධිපතිතුමන් අනුරාධපුරය ඓතිහාසික තන්තිරිමලය පුදබිමේ ආගමික වතාවත්වල නිරත වෙමින්...

ජනාධිපතිතුමාගේ ප්‍රකාශය.....
මම අද(4) පස්වරුවේ අනුරාධපුරය ඓතිහාසික තන්තිරිමලය පුදබිමේ ආගමික වතාවත්වල නිරත වීමි.
අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා ඖෂධ පූජාව ද මා අතින් සිදු කෙරුණ අතර
මාගේ පදවි ප්‍රාප්තියට ආශිර්වාද කළ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමියෝ කොවිඩ් 19 පාලනයට මා ප්‍රමුඛ රජය කළ විශිෂ්ට මෙහෙවර ගැන ප්‍රසාදය පළ කළහ.
පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවට සමාන තන්තිරිමලේ ඓතිහාසික ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාවද මාගේ නිරීක්ෂණයට ලක් විය.
විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන්වහන්සේ ජනතා වන්දනා මානයට විවෘත කළ මම ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තෙමි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සැදැහැවතුන් සහ ප්‍රදේශවාසීන් සමග ද මම සුහද කතා බහක නිරත වූයෙමි.