We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

ඊයේ, අද දිනයේ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් පිටත්ව යන ලදි.....




බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ (08) සහ අද (09) යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

ඊයේ දින පුද්ගලයින් 09 දෙනෙක්ද, අද දිනයේ පුද්ගලයින් 07 දෙනෙකුද වශයෙන් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් පිරිස රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පිටත් කර යැවීමට කටයුතු කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

තවද මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 280ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 56 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටියි.

4 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram