helloplanetaviss
ඉරණතිව් දූපතේ කොරෝනා මරණ භූමදාන කිරීමට පියවර....

කොවිඩ්-19 ආසාදිත මෘත දේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් ප්‍රදේශයේ මූලික කටයුතු සියල්ල අවසන් කොට ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ සම්බන්ධව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නුදුරේදීම ගන්නට ඊයේ (01) දින සාකච්ඡා වූ බවත් ඉරණතිව් දුපත තුළ භූමිදාන කටයුතු කිරීමට අවශ්‍ය මුලික අවශ්‍යතාවයන් හා පියවරයන් ගෙන ඇති බව ද අමාත්‍යවරයා අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කොවිඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කීය. මේ වන විට අදාළ ප්‍රදේශයේ භූමිදාන කටයුතු සඳහා අවශ්‍ය මුලික කටයුතු සියල්ල අවසාන කර ඇති අතර මෘත දේහයක් භාර ගන්නට පියවර ගෙන ඇති බවත් අද දින තුළ අදාළ පාර්ශවයන් විසින් සම්පුර්ණ විස්තරය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.