helloplanetaviss
ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කතා කරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හෙවත් ලංකා IOC සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවද තමන් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 184 ක්.
එම සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03 කින් ඉහල දමා ඇති අතර නව මිල රුපියල් 213 ක් වනවා. ලංකා IOC සමාගම ඩීසල් ලීටරයක මිල ද ඉහළ දමා ඇත්තේ රුපියල් 03 කින්. ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 124 ක්.
එලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රියදුරන් කිහිපදෙනෙකු දැක්වූයේ මෙවන් අදහසක්.
ලංකා IOC සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවද බස් ගාස්තු වැඩි නොකරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.