top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉන්දීය ධීවර ප්‍රශ්න සම්බන්ධව නිර්දේශ ලබා දීමට කමිටුවක්- ධීවර අමාත්‍යාංශය....



ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්න සම්බන්ධව නිර්දේශ ලබා දීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් පුද්ගලයන් තුන් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරයි.

ධීවර අමාත්‍යංශය ජනවාරි 25 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත. රජයේ උසස් නිලධාරින් ගෙන් සමන්විත කමිටුව ධීවර අමාත්‍යංශය හා ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන්, ධීවර සංගම් නියෝජිතයන්, වෙරළාරක්ෂක හමුදාව සමග සාකච්ඡා කොට ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු තීරය උල්ලංඝනය කරමින් සිදුකරන ධීවර කටයුතු නැවැත්වීම සදහා ස්ථිර විසඳුමක් ලබාදීමට අවශ්‍ය නිර්දේශ ධීවර අමාත්‍යාංශයට ලබා දීමට නියමිතයි. ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධී කටයුතු නිසා ලාංකික ධීවරයන් නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙන අතර ලංකාවේ මුහුදු සම්පත් ද විනාශයට පත්වේ.මෙම නිසා මෙවැනි නීති විරෝධී කටයුතු වහාම නවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ධීවරයන් දිගින් දිගටම උද්ඝෝෂණවල නිරත වේ. මෙම හේතුව නිසා ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස පිවිසෙන ඉන්දීය ධීවරයන් නැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරයි. තවද ඉන්දීය ධීවරයන්ගේ නොසැලකිලිමත් භාවය නිසා මෑතකදී ඉන්දීය ධීවරයන් 4 දෙනකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ සෝචනීය සිද්ධියක් ද වාර්තාවිය. මෙවැනි පසුබිමක ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධී ක්‍රියාකාරීත්වයන් සදහා තහංචි දැමීමට මෙම කමිටුව පත් කර ඇත.

0 views0 comments
bottom of page