top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණයි- ජනපති



රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය එහි අරමුණ බව බත්තරමුල්ල තලවතුගොඩ ජන හමුවකදී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටළුවකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීය. හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනහමුව සංවිධාන කර තිබිණි. ප්‍රදේශයේ ජනතා ගැටළු රැසක් සවිස්තරව ජනාධිපතිතුමා වෙත යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර බේරා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අද (28) කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී. අපේක්ෂක ජගත් කුමාර මහතා විසින් බත්තරමුල්ලේ සංවිධාන කර තිබු ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය. අනවසර පදිංචිකරුවන්ගේ දුක්ගැනවිලි එහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ. බන්ධනාගාර රැඳවියන් නඩත්තුවට රජයෙන් වියදම් නොකර ඔවුන් ආර්ථික උත්පාදන ව්‍යාපෘති සදහා යොදවා වියදම් පියවා ගැනීමට ජනතාව ජනාධිපතිතුමා වෙත යෝජනා කළහ. නවගමුව, අතුරුගිරිය, තලංගම රෝහල් නවීකරණය ඇතුළු ජනතා ඉල්ලිම් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ. පාසල් දරුවෙක් අධික බර පාසල් බෑගය වෙනුවට සරල පාසල් බෑගයක් හඳුන්වාදීමට මැදිහත් වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළේය. වසර 47 එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකුව සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. තිලකරත්න මහතා අතුළු පිරිසක් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට මෙහිදී සහය පළ කළහ. අපේක්ෂක මධුර විතානගේ මහතා කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා සහභාගී විය. ETI තැන්පත්කරුවන්ට හැකි උපරිම සහන සලසන බව එහිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා කීය. මත්ද්‍රව්‍යවලින් අනාගත පරපුර බේරා දෙන ලෙස එහිදී ද ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

2 views0 comments
bottom of page