ඉදිරියේ දී නිවාස ගම්මාන ඉදිකිරීමට අවධානය....

ඉදිරියේ දී නගරයෙන් බැහැර නිවාස ඉදිකිරීම නව සැළැස්මකට අනුව සිදුවිය යුතු බවත් එහිදී පාරිසරික හානිය අවම වන ලෙස නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ ( 12) අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදී ය. එහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති හඳුන්වා දීම සිදු විය. ඒ අනුව සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය යටතේ ක්‍රියාත්මක කරන ලද ''ඔබට ගෙයක් රටට හෙටක් '' නිවාස වැඩසටහනෙහි වර්තමාන ප්‍රගතිය කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය. නිවාස සංවර්ධන අධිකාරියේ සමාජිකයින් විසින් කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2.5ක මුදලක් පරිත්‍යාග කිරීම ද මෙහි දී සිදුවිණි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.