top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය



ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2020 ඔක්තෝබර් මස 09 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

නිරිතදිග මෝසම්තත්ත්වය තරමක් සක්‍රීය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ සුළං සහ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ලසහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

2 views0 comments
bottom of page