top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය




ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2020 ජූලි මස 11 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මීගමුව සිට   මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. (50-55) දක්වා වැඩි විය හැක.  

මුහුදේ ස්වභාවය:

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා   සහ මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල   හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ

මීටර්. 2.0 - 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.


3 views0 comments
bottom of page