helloplanetaviss
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2020 ජූලි මස 05 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැක.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. මාතර සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. (50-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටරළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.