ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2020නොවැම්බර් මස 06 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
වැසි තත්ත්වය:
දිවයිනට, බස්නාහිර, නැගෙනහිර සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී
වන තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි.සුළගේ වේගය පැ.කි.මී. (10-20) පමණ වේ.
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේපවතී.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තරමක් රළු විය හැක
2 views0 comments