helloplanetaviss
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2020නොවැම්බර් මස 03 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
වැසි තත්ත්වය:
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළගේ වේගය පැ.කි.මී. (10-20) පමණ වේ.
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.