top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය...




ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2020 ඔක්තෝබර් මස 27 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ   රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළඟ:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා වන දිශා වලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැක.

4 views0 comments
bottom of page