helloplanetaviss
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2020 ඔක්තෝබර් මස 11 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
විශේෂ නිවේදනය
උතුරු අන්දමන් මුහුද සහ ආසන්න නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, මේ වනවිට උතුරු අක්ෂාංශ 15.3ත් නැගෙනහිර දේශාංශ 86.5 ආසන්නයේ පිහිටා ඇත. එය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දිශාවට බරව වයඹදිශාවට ගමන් කරමින්, හෙට (12) දින සවස් කාලයේ දී ඉන්දියාවේ උතුරු අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
ඉදිරි දින කිහිපයේදී, නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශවල (13N-18N, 80E-93E) තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි සහ රළු හෝ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇතිවිය හැක.
ඉහත සඳහන් කරනලද ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත, ඔක්තෝබර් මස 14 දින දක්වා යාත්‍රා කිරීමෙන්වළකින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව වෙත දැනුම් දෙනු ලැබේ.
තවද, ඔක්තෝබර් මස 12 වන දින දක්වා ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුහෝ ඉතා රළු විය හැක. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු හෝ රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.