top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය....




ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2020 අගෝස්තු මස 01 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.


වැසි තත්ත්වය:

දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ.දකුණු මුහුදු ප්‍රදේශයේ තරමක් තද වැසි ඇති විය හැක.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ.    කන්කසන්තුරය සිට   මන්නාරම, කොළඹ,ගාල්ල  සහ හම්බන්තොට  හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. (60-65) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

කන්කසන්තුරය සිට   මන්නාරම, කොළඹගාල්ල  සහ හම්බන්තොට  හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්නමුහුදුප්‍රදේශවල මුහුදු රළ මීටර්. 2.0–3.0 ක් පමණ (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

ධීවර සහ නාවුක ප්‍රජාව සහ වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

2 views0 comments
bottom of page