top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය....




ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2020 ජූලි මස 19 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

සුළඟ:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දිශාවලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. 50 දක්වා වැඩි විය හැක.  

මුහුදේ ස්වභාවය:

පුත්තලම   සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

කළුතර සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වනවෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. 2.0 - 2.5 ක් පමණ (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

ධීවර සහ නාවුක ප්‍රජාව සහ ආසන්න වෙරළ බඩ ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

3 views0 comments
bottom of page