ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීමට නැවත පැමිණෙන්න- ඉදිකිරීම් සුරැකීමේ සංසදයේ සභාපති....



කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ වැඩබිම්වල කටයුතු නැවත ආරම්භ කර ඇති බවත් එම වැඩිබිම්වල සේවයේ නියුතු ශ්‍රමිකයන්ට තම වැඩබිම් කරා පැමිණ නැවත තම ශ්‍රම දායකත්වය ලබා දෙන ලෙසත් ඉදිකිරීම් සුරැකීමේ සංසදයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි. කොවිඩ් වසංගතය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින දේශීය ඉදිකිරීම්කරුවන්ට රජය මේ මොහොතේ ණය සහණ රැසක් ලබා දී ඇති බවද ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට දායකත්වය ලබාදෙන බවද ඒ මහතා පැවසීය. ඉදිකිරීම් සුරැකීමේ සංසදය වෙනුවෙන් අදහස් දැක් වූ සාගල ගුණවර්ධන මහතා සඳහන් කළේ කොවිඩ් වසංගතයත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු රැසක් පැන නැගුණ බවත් මාස එක හමාරක් පමණ වසා තැබූ වැඩබිම් නැවත ආරම්භ කර ඇති බවයි. රටේ දළ දේශීය ආදායමට විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රයක් වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවය කළ අපගේ සේවකයන් නැවත වැඩබිම් වලට පැමිණ ඒ සඳහා දායක වන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය. කුඩා , මධ්‍යම හා මහා පරිමාණ ඉදිකිරීම්කරුවන් ඒ හා සම්බන්ධ සැපයුම්කරුවන්, සේවකයන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු මිලියනයක් පමණ දෙනාගේ රක්ෂා සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017