top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉතිහාසයේ පළමුවරට අඩු ආදායම්ලාභී පවුල්වලට රජයේ රැකියාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් -



ඉතිහාසයේ පළමුවරට අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයේ රැකියාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ ( 27) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි. මෙම වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභී පවුලකට රැකියාවක් බැගින් ලක්ෂයක පිරිසකට රජයේ රැකියා හිමිවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. යම් පවුලක් දිළිඳු බවින් මුදවා ගැනීමට නම් එම පවුලේ එදිනෙදා කටයුතු කර ගැනීමට මාසික වේතනයක් ලැබීමේ ක්‍රමවේදයක් සකස්කළ යුතුව ඇති හෙයින් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ හරහා මෙවැනි ක්‍රමවේදයක් සකස්කළ බව අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය. මහ මැතිවරණය අවසන් වූ වහාම ජනතාවාදී වැඩපිළිවෙළක් සහිත සෞභාග්‍යයේ දැක්ම යටතේ වූ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට නියමිතය.

6 views0 comments
bottom of page