ඉතිහාසයේ පළමු වතාවට මත්තල ගුවන්තොටුපලින් කොරියාවේ රැකියා සඳහා පිටත් වෙයි.....




කොරෝනා වෛයිරයේ වය්‍යාප්තියත් සමග තාවකාලිකව නතර කර තිබු විදේශ රැකියා සදහා පිටත්විම නැවත ආරම්භ කරමින් කොරියා රැකියාලාභීන් ප්‍රථම වරට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මියන්මාර් ගුවන් සේවයට අයත් MAI 8M801 ගුවන් යානයෙන් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්විම හෙට(26) රාත්‍රියේදි සිදුකෙරේ.


මෙහිදි රැකියාලාභීන් 160 දෙනකු පිටත්විමට නියමිත අතර, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්වන පළමු ගුවන් යානය මෙය වන බැවින් එය ඉතිහාසයට එක්වේ.

මේ අවස්ථාවට සභාපති-විදේශ සේවා නියුක්ති කාර්යාංශය කමල් රත්වත්තේ මහතා, නේවාසික අධ්‍යක්ෂ - කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය කිම් වොන් සොක් (Kim Won Seok) මහතා, සහභාගී වීමට නියමිතය

29 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017