ඉතා විරල වළයාකාර සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලෝකවාසීන්ට හෙට (21) උදා වේ.




ඉතා විරල වළයාකාර සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලෝකවාසීන්ට හෙට (21) උදා වේ.

මෙය ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලට දිස්වන්නේ අර්ධ සූර්ය ග්‍රහනයක් ලෙසයි.

පෘතුවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්ය ග්‍රහණයක් සිදු වේ.

එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරනු ලබයි.

මේ අවස්ථාවේදී සඳ සාපේක්ෂව කුඩාවට පෙනෙන අතර සූර්යයා පූර්ණ ලෙස ග්‍රහණය නොවී ගිණි වළල්ලක් වටේට පිහිටන සේ හිරු තැටිය මත චන්ද්‍රයා කළු ලපයක් සේ දිස්වේ.

එවැනි වළයාකාර සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව හෙට ලෝක වාසීන්ට හිමි වේ.

එය ශ්‍රී ලංකාවේ අපට දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසයි.

මෙම වළයාකාර සූර්ය ග්‍රහනය හෙට උදෑසන මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිට ආරම්භ වන අතර පසුව කොංගෝව, ඉතියෝපියාව, යේමනය, සවුදි ආරාබිය, ඕමානය, පකිස්ථානය, ඉන්දියාව,චීනය හා තායිවානය වෙත ගමන් කරන අතර පැසිෆික් සාගරයේදී එය සවස්වරුවේ අවසන් වේ.

හෙට උදෑසන 10.29ට පමණ මෙම  සූර්ය ග්‍රහණය කොළඹ නගරයට දිස්වන අතර පස්වරු 1.09 දක්වා එනම්, පැය 2යි විනාඩි 50කට ආසන්න කාලයක් තුළ මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වේ.

ග්‍රහණ උපරිම අවස්ථාව වන පෙරවරු 11.51 වන විට චන්ද්‍රයා සූර්ය තැටියෙන් සීයට 30ක පමණ ප්‍රමාණයක් ආවරණය වනු ඇති.

ලංකාවේ විවිධ ප්‍රදේශවලට විනාඩි කිහිපයක වෙනසක් සහිතව මෙම සූර්යග්‍රහණයේ ආරම්භය සහ අවසානය දිස්වේ.

ඉතා විරල මෙවැනි සූර්යග්‍රහණයක් නැවතත් අපට දැකගන්නට ලැබෙන්නේ වසර දෙකකට පසු, එනම් 2022 වසරේ ඔක්තොම්බර් මස 22දායි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017